ජීවිතේ අපි හැමෝටම අමතක නොවෙන අත්දැකීම් තියෙනවා.අපේ විජිතලගෙ පොළොන්නරුවෙ ගෙදර ගිය එකත් එහෙම අත්දැකීමක් උනා ඒ ගමන ගිය හැමෝටම.මින්නේරිය වැව් ඉස්මත්තෙ තියෙන ඒ ගෙදර නැවතිලා මුළු සති අන්තෙම සැහැල්ලුවෙන් ගත කරා.
මුළු වැවම රිදී පාට වෙලා තිබුනෙ හරියට චිත්‍රයක් වගේ.අවට පරිසරයේ සමහර දේවල් මේ කවියට ඇතුල් වෙලා තිබුනත් මේකෙ නැති ගොඩක් දේවල් මින්නේරියෙ ගමේ තිබුනා.පාරවල් හැදිලා,ලයිට් හම්බෙලා තරුණ අය අන්තර්ජාලයට හුරු වෙලා හිටියත් කුමාරගම මහත්තයගෙ කවි වල එන අතැම් චරිත එහෙ තාම ජීවමානව ඉන්නවා.
මේක අව්‍යාජත්වය,බොරුව විසින් වහලා දාන කාලයක්.හැම තැනම එහෙමයි.මින්නේරිය ගමන විශේෂ වෙන්නෙත්,රසවත් වෙන්නෙත් ,අමතක නොවෙන්නෙත් තාම ගොඩක් වටිනා "අව්‍යාජත්වයේ" නටබුන් හරි එහෙ ඉතුරු වෙල තියෙන නිසා.
මේ අපේ මින්නේරි ගමන ගැන ලියපු කවියක්......
ගිලෙන ඉරෙන් පෙරෙන එළිය වැව් දිය මත වැටී
රිදී පාට පබලු කරයි ඉපිලෙන පෙන කැටී
මින්නේරිය හිරු මිය යන හැන්දෑවක හැටී
අඳින දසුන නෙතට ප්‍රියයි,සිත්තමකට වටී
සුතන'ඹු සාගිනි නිවුමට ඈතට නික්මුන
තෙප්පම් පෙළ වළං කටුය දිය මත පාවෙන
හබලයි වතුරයි එක් වී නංවන ගායන
තුරල් කරයි ඇබින්දකට විඩාව මෝරන
පහළ බලමි වෑ කන්දෙන් යායම නිල් පාටයි
සැඳෑ සුලං ඇඟේ වැදී ගොයම් පොකුරු නලියයි
ගොවි රජ වරු රන් පොලවට දාදිය බිඳු වගුරයි
ඒ දැක පොඩි ගොයම් පොකුරු හිනැහි හිනැහි පූදියි
දුටු දුටුවන් හිත පාදා තුටු කරවයි හිත
රෝග බියෙන් වලකාලන ගමේ සියලු සත
නොපෙනෙන නොදැනෙන බලයක් මෙහි පැතිරී ඇත
එක එල්ලේ ඇවිදන් යමි වෑ කන්ඩිය දිගේ
හාත් පසම අඳුරු රෙද්ද පොරවාගෙන ඇඟේ
නුග ගහ ලඟ දේවාලෙන් පහන් සිලක් නැගේ
මින්නේරිය දේව එලිය එය යැයි මට හිතේ
Kawruth wishwasa karath nokarath, gami suwanda danena handunana, thawath Vijithala apa athara sitith. E Minneriye nowunath, Kolamba rateda eya esemaya.
ReplyDeletepaani
thanks machan..t z true
ReplyDelete